ව්‍යවසායකත්ව සංවර්ධනය අරමුණු කරගත් 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' ප්‍රදර්ශනය එලැඹෙන 24දා සිට 27දා දක්වා අනුරාධපුරයේ දී පැවැත්වීමට සූදානම් බව අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම් .වන්නිනායක මහතා පවසයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (12දා) විශේෂ රැස්වීමක් පවත්වමින් හෙතෙම මේ බව පවසා තිබේ. මෙම අවස්ථාවේදී අදහස් දැක් වූ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වන බවයි.
වෙළෙඳ කුටි 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විතව පවත්වන මෙම ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇති වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය තුළ ඉදිකිරීම් කටයුතු සිදුවන බවත්, ප්‍රදර්ශනය පැවැත්වෙන කාලයේ විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අනුරධපුර පොලීසිය සඳහන් කර තිබේ.