රැකියා විරහිත උපාධිකාරීන් 20,000කට ඉදිරි අයවැයෙන්, මේ වසරේ දී රැකියා ලබාදීමට කටයුතු කරන බව රජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (6දා) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථවර නියෝග 27(2) යටතේ රැකියා විරහිත උපාධිධරීන්ට රැකියා ලබාදීමට කටයුතු කරන්නේ දැයි යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙසේ සඳහන් කර ඇත.
රැකියා විරහිත උපාධිධාරීන්ට අදියරෙන් අදියර රැකිය ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, දේශපාලන කුමන්ත්‍රණය නිසා මේ කටයුතු අඩාල වූ බවද පවසා තිබේ.
රජයක් හැටියට රැකියා ප්රශ්නය විසඳීමට කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා, අදියරෙන් අදියර උපාධියට සරිලන පරිදි සංවර්ධන නිලධාරී පුරප්පාඩු සඳහා රැකියාගත කිරීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කර ඇත.