උතුරේ රැකියා වියුක්තියෙන් පෙළෙන ජනතාවට සහනයක් සලසමින් එම ජනතාව ස්වයං රැකියා සඳහා යොමුකිරීමේ අරමුණින් මූල්‍යාධාර හා උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිවියට උදාන වැඩසටහනට සමගාමීව මෙම මූල්‍යාධාර සහ උපකරණ පිිනැමුණු අතර, යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ස්වයං රැකියාවල නිරත වන හා ස්වයං රැකියා ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් පසුවන රැකියා වියුක්තිකයන් 506ක් මෙහිදී ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණි. ඒ අනුව, ඔවුන් වෙනුවෙන් රුමිලියන 20ක මුදලක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ඉල්ලීම මත කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මහජන බැංකුව හරහා ලබාදීමට කටයුතු කළ බව එම අමාත්‍යාංශය පවසයි.
මේ යටතේ එක් ස්වයංරැකියා ලාභියෙකුට රු.50,000 සිට රු.75,000 දක්වා මූල්‍යාධාරයක් ලබාදීමට පියවරගෙන තිබුණි. මහන මැෂින්, වඩු උපකරණ කට්ටල, අවන්හල් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මූලික උපකරණ මෙහිදී ස්වයංරැකියාලාභීන් අතර බෙදාදීමක්ද සිදුව තිබුණි. එමෙන්ම මෙම වැඩසටහන යටතේ විවිධ රැකියා සඳහා අවශ්‍ය වන වෘත්තීය පුහුණුවීම්ද ලබාදීමට කාර්මික සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.