උතුරු පළාත් ජාතික ව්‍යවසායකත්ව සම්මාන ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) යාපනය, කන්කසන්තුරේ, සෙල්වා පැලස් හෝටලයේදී පැවැත්විණි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරන ලද මෙම සම්මාන ප්රදානෝත්සවය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.