අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ පළමු වැනි රැස්වීඹ එහි සභාපති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී වැඩි අවධානය යොමුවූයේ එලැඹෙන උත්සව සමයේදී රෙදිපිළි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබාදීම සම්බන්ධයෙනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමන ආකාරයේ බදු සහන ලබා දුන්නද, එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඇතැම් කූඨ වෙළෙඳුන් රජයේ සහන යටතේ ලබාගන්නා භාණ්ඩ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බව මෙහිදී අනාවණය වී ඇත. මීට අමතරව, ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබාදීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිදභාවයට පත්කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමුව තිබේ. කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතියද, සෙසු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් තොග බවතින බවද මෙහිදී අනාවරණය වී තිබේ.
රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, කාංචන විජේසේකර යන මැති ඇමතිවරුද, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල ඇතුළු රාජ්‍ය නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.