ඉන්දියාවේ 77 වන නිදහස් දිනය අද (15දා) ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලදී ඉමහත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. එහි ප්‍රධාන උත්සවය කොළඹදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වන 'ඉන්දියා හවුස්'හිදී පැවැත්විණි.
මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඉන්දීය ජාතික ධජය ඔසවමින් ගෞරව සම්මාන මුරය පිළිගනු ලැබූ අතර, 77 වැනි නිදහස් දිනයට පෙරාතුව ඉන්දීය ජනාධිපතිවරයා ජාතිය අමතා කළ දේශනයේ කොටස්ද කියවනු ලැබීය.
මෙම විශේෂ අවස්ථාවේදී මහ කොමසාරිස්වරයා විසින් 'පංච ප්‍රාන්' ප්‍රතිඥාව ලබාදුන් අතර, එහිදී පැමිණ සිටි සියලු දෙනා ජාතිය ගොඩනැගීමට කැපවීමට සහ 2047 වනවිට ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමේ සිය අධිෂ්ඨානය සපථ කළහ. ඉන්දියානු ප්‍රජාවේ සාමාජිකයන් සිය ගණනක් මෙම අවස්ථාවට සහභාගී වූහ.