ඉන්දියානු ඊ-වීසා ලබාදෙන පවසමින් ව්‍යාජ හෝ වංචනික ලෙස පවත්වාගෙන යනු ලබනවෙබ් අඩවි 175ක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ, මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ-වීසා ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව, අදාළ ව්‍යාජ වෙබ් අඩවි 175ක (URL) ලයිස්තුව ඉදිරිපත් කරමින්, ඉන්දියානු ඊ-වීසා අයදුම්කරුවන් එම වෙබ් අඩවි භාවිත නොකරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී සිටියි.