ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2023 ජනවාරි 26 වැනි දිනට යෙදෙන 74 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් රිදම් ඔෆ් හාමනි (Rhythm of Harmony) නමින් රොක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ඉනකු අටෝෂෙ අයේෂ් ප්රමුඛ ඉන්දියාවේ කීර්තිමත් රොක් සංගීත කණ්ඩායමක් වන UDX සුරේෂ් ද සිල්වා ප්රමුඛ ස්ටිග්මාටා සංගීත කණ්ඩායම සමග මෙම විශේෂ සංගීත අත්දැකීම ප්‍රේක්ෂකයන්ට ලබාදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, ඉන්දීය ඩයස්පෝරා සාමාජිකයන් සහ වෙනත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
සත් සාමාජික සංගීත කණ්ඩායමක් වන UDX ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේ ප්‍රථම වරට ය. එය සංගීතමය හැකියාවන් සඳහා නම් දැරූ ඉන්දියාවේ උතුරු - නැගෙනහිර ප්‍රදේශයේ නාගාලන්ද් හි සංගීත කණ්ඩායමක් වේ.
ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය 2023 පෙබරවාරි 4 වන දින සමරන අතර, මෙම සංගීත ප්‍රසංගය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික දින එක්ව සැමරීමට මාහැඟි අවස්ථාවක් විය. මෙම ප්‍රසංගය කලා සහ සංස්කෘතික ක්ෂේත්රය තුළ දෙරට අතර සමීප සබඳතා පිළිඹිබු කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ UDX සංගීත කණ්ඩායම දිවයින පුරා සංචාරය කරමින් යාපනය, මහනුවර සහ හම්බන්තොට ආදී ප්‍රදේශවල ප්‍රසංග ඉදිරිපත් කරනු ඇත.