ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළලේ විනිශ්චය සාර්ථකව අවසන් කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
වසර 10 ක සම්මාන ඉතිහාසයේ වැඩිම නව නිපැයුම් ප්‍රමාණයක් ලැබුණු වසර ලෙස මෙය වාර්තා වේ. එම නව තාක්ෂණික මෘදුකාංග සහ යෙදවුම් ඉදිරිපත්වූ ප්‍රමාණය 325කි. පවතින වසංගතය තත්වය මධ්‍යයේ, මෙවර සංවිධායක මණ්ඩලය මාර්ගගත වේදිකාවක් හරහා විනිශ්චය ලබාදීමට කටයුතු කළහ.
වඩාත් ඉහළම විනිශ්චයක් ලබාදීම සඳහා ව්‍යාපාර කළමනාකරණය, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, අලෙවිකරණය, රාජ්‍ය අංශ පරිපාලනය, වෛද්‍ය ,සෞඛ්‍ය, රාජ්‍ය හා සමාජ ප්‍රතිපත්ති සහ තොරතුරු ආරක්ෂාව යන ක්ෂේත්රයන්හි ප්‍රවීණයන් කණ්ඩායමක් තෝරාගත් බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
මෙවර සෑම අංශයක්ම විනිශ්චය සිදුකර ඇත්තේ තාක්ෂණික දායකත්වය මතය. ලැයිස්තු ගත අයදුම්කරුවන් විනාඩි 10ක කාලයක පූර්ව පටිගත කරන ලද ඉදිරිපත් කිරීමකින් තම නිර්මාණය විනිසුරුවන් වෙත ඉදිරිපත් කළ යුතු විය. ඉන් පසුව විනිසුරුවන් ජයග්‍රාහකයන් තෝරාගැනීම සඳහා දින දෙකක දැඩි විනිශ්චය ක්‍රියාවලියක් සිදු කළහ.