මේ වසරේ ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළලේ විනිශ්චය සාර්ථකව අවසන් කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
වසර 10ක සම්මාන ඉතිහාසයේ වැඩිම නව නිපැයුම් ප්‍රමාණයක් ලැබුණු වසර ලෙස මෙය වාර්තා වේ. එම නව තාක්ෂණික මෘදුකාංග සහ යෙදවුම් ඉදිරිපත්වූ ප්‍රමාණය 325කි. පවතින වසංගතය තත්වය මධ්‍යයේ,මෙවර සංවිධායක මණ්ඩලය මාර්ගගත වේදිකාවක් හරහා විනිශ්චය ලබාදීමට කටයුතු කළහ.
වඩාත් ඉහළම විනිශ්චයක් ලබාදීම සදහා ව්‍යාපාර කළමනාකරණය,තාක්ෂණය,ඉංජිනේරු විද්‍යාව,අලෙවිකරණය,රාජ්‍ය අංශ පරිපාලනය,වෛද්‍ය,සෞඛ්‍ය,රාජ්‍ය හා සමාජ ප්‍රතිපත්ති සහ තොරතුරු ආරක්ෂාව යන ක්ෂේත්රයන්හි ප්‍රවීණයන් කණ්ඩායමක් තෝරාගත්බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
මෙහි ඉහළ පෙළේ ජුරි සභාවේ සභාපති ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා කටයුතු කළ අතර, ඉන්දික ද සොයිසා මහතා (උප සභාපති Huawei Technologies Lanka Co. (Pvt) Ltd) මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී. ආචාර්ය රොෂාන් හේවාපතිරණ මහතා (කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය හා සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) හසිත් යග්ගහවිට මහතා (ප්‍රධාන තාක්ෂණ නිලධාරී 99X), සම්පත් ජයසුන්දර මහතා (ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂක hSenid Business Solutions (Pvt) Ltd) දිලිනි ද අල්විස් මත්මිය (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණ (පුද්ගලික) සමාගමේ මෘදුකාංග විසඳුම් සහ සේවා),රෝමනි රූපසිංහ මහත්මිය (ඉංජිනේරු අංශයේ ප්‍රධානි - SwivelTech - Swivel Group Pvt Ltd.)සහ ආයතනික අංශයේ කර්මාන්ත නියෝජනය කරමින් ජයෝමි ලොකුලියන මහත්මිය (නිර්මාතෘ ZMessenger) මීට සහභාගී වූහ. මිට අමතරව චන්දන රුද්‍රිගෝ මහතා (ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් -සංවර්ධන තාක්ෂණ අමාත්‍යාංශයේ),වජිරා කුලරත්න මහත්මිය (සහකාර අධ්යක්ෂ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ), සමන්ත දික්කුඹුරගේ මහතා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ -තොරතුරු ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය),උදාන වික්‍රමසිංහ මහතා (අධ්යක්ෂ - ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ) රජයේ අංශය නියෝජනය කළහ . නිම්බස් ක්ලවුඩ් ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ දමිත් හෙට්ටිහේවා මහතා,ජනශක්ති සමූහ සමාගම් සමූහයේ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී කේ.වී. කුගනාදන් මහතා,තොරතුරු තාක්ෂණ අංශය නියෝජනය කරමින් රුවන් අමරසේකර මහතා (හිටපු සභාපති බීසීඑස් වරලත් ආයතනය), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගම් SLASSCOM, FITIS, CSSL and BCS නියෝජනය කරමින්) UNDP හි ප්‍රතිපත්ති හා සම්බන්ධීකරණ කණ්ඩායමේ නායක ෆාදිල් බාකීර් මාකර් මහතා ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු වශයෙන් විනිශ්චය මණ්ඩලය වෙත වෙනස් දෘෂ්ටියක් ගෙනඑන ලදී . සංජී බාලසූරිය මහතා (තොරතුරු ආරක්ෂක අධ්යක්ෂ ICTA) නියෝජනය කළේය.