ඇමරිකා එක්සත් ජනපදයේ බුංවත් නීති සංග්‍රහයේ 11 වැනි පරිච්ඡේදය හා සමාන ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කතාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව පවසා සටියේ මුදල් අමාත්‍යවරයා වශයෙනි.
ණයගැති භාවය නිසා පීඩාවට පත්වන ව්‍යාපාර ප්‍රතිසංවිධානය කළ යුතු අතර, ආකාරය පිළිබඳ ප්රතිපදාන ඇමෙරිකා එක්සත් ජනපදයේ බුංවත් නීති සංග්‍රහයේ 11 වැනි පරිච්ඡේදයේ සඳහන් කර ඇති බව ජනාධිපතිවරයා කීය.
හුදෙක්ම බුංවත් වීම පමණක් ව්‍යාපාර වසා දැමීමට හේතුවක් නොවන බවත්, ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යමින් වත්කම් හා වගකීම් ප්‍රතිව්‍යූහගත කිරීම මගින් සහ ණය ගැතියාවෙන් මිදීම මගින් ව්‍යාපාර ප්‍රතිසංවිධානය කර ගැනීමේ ක්‍රමවේදයක් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ හා සමාන නව නීති ශ්‍රී ලංකාවේද බලාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා යෝජනා කළේය.