දැනට දිවයින පුරාවට බලපැවැත්වෙන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු අද (01දා) දින සිට, කොළඹ කොටස් වෙළෙඳ පොළ විවෘත නොකිරීමට ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ කොව්ඩි-19 වසංගත තත්ත්වය හමුවේ රජය විසින් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ගෙනඇති අතිවිශේෂ පියවර ගණනාවක් හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි.
සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා මේ අනුව ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු අද (01දා) සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ වසා දැමීමට පියවර ගෙන තිබේ.