කොවිඩ්-19 වසංගතය හමුවේ ඇඳිරි නීතිය දමා තිබෙන ප්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම පහසු කරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කරයි.
මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වන ප්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ් අඩවිය, Facebook පිටුව සහ Instagram පිටුව මාර්ගයෙන් ගනුදෙනුකරුවන්ට දැනුම්දෙන බව බැංකුව සඳහන් කරයි.
කොමර්ෂල් බැංකුවේ Bank-on-Wheels ඒකක මගින් ඉතාමත් පහසුවෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් සහ පාස්පොත මගින් මුදල් ආපසු ලබාගත හැකි අතර බැංකු කවුළුවකින් කරන මූලික බැංකු ගනුදෙනුද කළ හැකි බව දැනුම් දෙයි.
මීටඅමතරව, බැංකුව සඳහන් කරන්නේ ඇඳිරි නීතිය ඉවත්කර තිබෙන ප්‍රදේශවල පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා උදෑසන 9.00 සිටදහවල් 12.00 දක්වා පැය තුනක කාලයක් අත්‍යවශ්‍ය ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බවයි.
මේ සමගම ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල ගිණුම් හිමියන්ගේ හදිසි අවශ්‍යතාව සඳහා කොමර්ෂල් බැංකුවේ ශාඛා කිහිපයක් විවෘතව තබා ඇති බවද දැනුම් දෙයි.
එසේම, කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය භාවිත කිරීම සහ ෆ්ලෑෂ් ඩිජිටල් ගිණුම් විවෘත කිරීම මේ වනවිට බැංකුව විසින් වඩාත් පහසුකර තිබේ. මේඅනුව, බැංකු ශාඛාවක් වෙත පැමිණ මෙම පහසුකම්වල ලියාපදංචිවීම වෙනුවට අන්තර්ජාලයෙන් මෙම පහසුකම්වල ලියාපදිංචි වීමට අවස්ථාව බැංකුව මේ වනවිට ලබාදී ඇත.
මෙහිදී, ගනුදෙනුකරුවන්ට බැංකුවේ වෙබ් අඩවියෙන් අන්තර්ජාල බැංකුකරණ අයදුම ඩවුන්ලෝඩ් කරගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ගිණුම් හිමියාගේ ජාතික හැඳුනුම්පතේ පැති දෙකේම සේයා රූ සමග ලබාදී තිබෙන ඊ-මේල් ලිපිනයට එවිය යුතුය. පසුව, බැංකුවේ කාර්ය මණ්ඩලය ගනුදෙනුකරුවා දුරකතනයෙන් අමතා මෙම පහසුකම සක්‍රීය කරනු ඇත.
එසේම, බැංකුවේ සුවිශේෂී ඩිජිටල් බැංකුකරණ අයදුම වන ෆ්ලෑෂ්, ඇපල් ඇප් ස්ටෝර් වෙතින් හෝ ගූගල් ප්ලේස්ටෝර් වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැකිය. මෙහිදී, ස්වයං ලියාපදිංචිවීම බලගන්වා තිබෙනඅතර ගනුදෙනුකරුවෙකුට කොමර්ෂල් බැංකු ශාඛාවකට නොපැමිණ තමාම ලියාපදිංචිවීම මගින් විවිධ වූ මූල්‍ය ගනුදෙනු මෙමගින් සිදුකළ හැකිවේ.