සාර්ථක ඇන්තූරියම් හා ඕකිඩ් වගාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාදීමේ එක්දින වැඩමුළුවක් ජූනි මස 06දා පෙ.ව.9.00 සිට ප.ව.4.30 දක්වා ගම්පහ වාණිජ මණ්ඩල පුහුණු ආයතනයේදී (ගම්පහ මහ රෝහල ඉදිරිපිට) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ගම්පහ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරන අතර, සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව මෙහෙයවීම සඳහා සම්පත් දාකයන් ලෙස පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නිලධාරීන් දෙපළක් සහභාගී වීමට නියමිත බව කියයි.
මෙම වැඩමුළුව අවසානයේදී වටිනා සහතික පත්‍රයක්ද ප්රදානය කරන අතර, මෙහිදී ඇන්තූරියම් හා ඕකිඩ් වගාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒ සඳහා ඇති දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ සම්බන්ධවද අවධානය යොමු කෙරෙන බව ඔවුහු පවසති.
මීට අමතරව, ලංකා බැංකුව මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබාදෙන මූල්‍යාධාර සම්බන්ධව මෙහිදී අවධානය යොමුකරන බවත්, මේ පිළිබඳ වැඩිදුර විමසීම් 011-4741788 මගින් ලබාගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.