2019 වසරේ ජූලි මාසය අවසන් වනවිට දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 8.3ක් වාර්තා වූ බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එය ආනයන මාස 4.9කට සමාන වන බවත් ජූලි මාසයේ විදේශ වෙළෙඳාම පිළිබඳ වාර්තා මගින් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
මේ අතර, දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්රමාණය, 2019 ජූලි මස අවසානය වනවිට ඇ.ඩො.බිලියන 11.0ක් වූ අතර. එය ආනයනික මාස 6.5කට සමාන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.