ආසියා පැසිපික් කලාපයේ කොටස් වෙළෙඳ පොළ කිහිපයක් ඊයේ (06දා) පස්වරුව වනවිට යම් ඉහළ යාමක් පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය සිකුරාදාට සාපේක්ෂව මෙම කොටස් වෙළෙඳ පොළ මෙලෙස ඉහළ නැග තිබේ.
විශේෂයෙන්ම ඔපෙක් සංවිධානය ඊට හිතවත් පාර්ශ්ව කිහිපයක් සමග ඊයේ දිනයේදී සැලසුම් කර තිබූ සාකච්ඡාව හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳ ඉහළ යාම සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ පිළිබඳව වන නිවේදනය නිකුත් පසුගිය සිකුරාදා නිකුත් කෙරිණි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවද ලබන බ්රවහස්පතින්දා (09) දක්වා කල් ගොස් ඇත.
මෙහිදී කලාපයේ ප්‍ර ධානම වෙළෙඳපොළක් වන ඔස්ට්රේකලියාවේ S&P/ASX 200 දර්ශකය අද දිනය තුළ 4.3%කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. එසේම ජපානයේ Nikkei 225 දර්ශකය 2.53%කින් ඉහළ නැග තිබේ. මීට අමතරව දකුණු කොරියාවේ Kospi දර්ශකය සහ Kosdaq දර්ශකය පිළිවෙලින් 2.77%කින් සහ 3.25%කින් ඉහළ නැගීමක් පෙන්නුම් කර තිබේ. හොංකොංහි Hang Seng index දර්ශකය 1.11%කින් ඉහළ නැග ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනය චීන කොටස් වෙළෙඳ පොළ වෙත නිවාඩු දිනයක් ලෙස ප්‍ර කාශයට පත් කර තිබූ අතර ගනුදෙනු කිසිවක් සිදුවී නොමැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඔපෙක් සංවිධානය සහ ඊට හිතවත් පාර්ශ්ව අතර සාකච්ඡාව ප්‍ර කාශයට පත් කිරීමත් සමග ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලද ඉහළ යාමක් සිදු විය. එහෙත් එය ලබන 09 දක්වා කල්යෑමත් සමගම අද පෙරවරුව වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල යළිත් වරක් පසුබැසීමට පටන් ගෙන තිබේ.