වසර 115ක් පුරා සිය පාර්ශ්වකරුවන්සමඟ සිටින සමාගමක් වශයෙන්, නෙස්ලේ ලංකා සමාගම තම වටිනාකම් දාමයේ පාර්ශ්වකරුවන්වෙත සිය ආහාරපාන නිෂ්පාදන බෙදාහැරීමට පසුගියදා කටයුතු කළේය. ඉකුත් ජුනි මාසයේදී ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ හරහා, පවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ එම පාර්ශ්වකරුවන්ට සහාය වීම අපේක්ෂා කරන අතර, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නෙස්ලේ කාර්යමණ්ඩල සාමාජිකයින් හරහා මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණි. තව ද, මෙය පෙරළා ශ්‍රී ලංකාවට සහාය වීමට සමාගම ගන්නා වෑයමෙහි දිගුවක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙහි පළමු අදියර හරහා කොළඹ ප්‍රධාන කාර්යාලය, කුරුණෑගල කර්මාන්තශාලාව සහ බෙදාහැරීම් මධ්යස්ථානයආශ්රිත සමාගමේ වටිනාකම් දාමයේ පාර්ශ්වකරුවන්ගේකාර්යමණ්ඩලය මෙන්ම සමාගමේවෙළඳ බලකායද ඇතුළු 3,500කට වැඩි පිරිසකට මාස තුනක් පුරා අඛණ්ඩව ‘Nestlé Care Packages’ බෙදාහරින ලදී. අගෝස්තු මාසයේදී මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින්, දෙවැනි අදියර වශයෙන් නෙස්ලේ ලංකා සමාගමේ කිරි සැපයුම් ජාලයේ පාර්ශ්වකරුවන් 240කට වැඩි පිරිසකට ද මෙසේ නෙස්ලේ නිෂ්පාදන බෙදාහැරීමට කටයුතු සම්පාදනය කෙරිණි. පාරිභෝගිකයින්ගේ ආදරය දිනා ගත් නෙස්ලේ නිෂ්පාදන රැසක් මෙම ‘Nestlé Care Packages’ සඳහා එක් කෙරුණු අතර, ශ්‍රී ලාංකික ආහාරවේලේ ඌනව පවතින ක්ෂුද්‍ර පෝෂකවලින් සරු කර ඇති නිෂ්පාදනද ඊට එක්කර තිබුණි.
″ශ්‍රී ලංකාවේ අප සියලුදෙනා මේ පසුුකරමින් සිටින්නේ අතිශය අභියෝගාත්මක කාලපරිච්ඡේදයක්. එම නිසා අන් කවරදාටත් වඩා අපි සියලු දෙනා එකට එක්ව එකිනෙකාට උපකාර කරගත යුතුයි. අප පාර්ශ්වකරුවන්ගේ ස්ථාවරත්වය පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කරන පසුබිමක, මෙම දුෂ්කර කාලයේදී ඔවුන්ට සහාය පිරිනැමීම වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් දියත් කිරීමට හැකිවීම අපට විශාල සතුටක්. විශේෂයෙන්ම ඔවුන් පෙන්නුම් කරන දරාගැනීමේ ශක්තියත්, අපගේ ව්‍යාපාර මෙහෙයුම්වල අඛණ්ඩතාව වෙනුවෙන් ඔවුන් ලබාදෙන දායකත්වයත් වෙනුවෙන් අපි ඔවුන්ට අතිශය ස්තූතිපූර්වක වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට පෙරළා උපකාර කිරීම වෙනුවෙන් අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් සිය කාලය ස්වේච්ඡාවෙන් වැය කරමින් එකමුතුව කටයුතු කිරීම පිළිබඳවත් මම ආඩම්බරයට පත්වෙනවා. මෙය ආරම්භයක් පමණයි. ඉදිරි මාසවලදී අපගේ වටිනාකම් දාමයෙන් ඔබ්බට යමින් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට සහාය වීමට අප බලාපොරොත්තු වෙනවා″ යැයි නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා ප්‍රකාශ කළේය.
‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ‘ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මකබවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත.1906 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සිදුකරන නෙස්ලේ සමාගම, වර්තමානයවන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. එමෙන්ම 25,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි සහ පොල් ගොවීන් සහ ගෙවතු වගාකරුවන්ගේ ජීවනෝපාය සංවර්ධනයට දායකවන නෙස්ලේ ලංකා සමාගමේ ඍජු රැකියා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් අති නවීන කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්රමිතීන් මත නිපදවනු ලබයි.
නෙස්ලේ වටිනාකම් දාම සහකරුවන්ට සම්බන්ධ 3,500කට අධික සේවකයින් සහ 240කට අධික අපගේ කිරි සැපයුම් ජාලයේ පාර්ශ්වකරුවන් ප්රතිලාභ ලබා තිබුණි.