DFCC බැංකුව, රට තුළ උද්ගතව ඇති අරබුධකාරී පරිසරය මධ්‍යයේ, ශ්‍රී ලංකා රජයේ සහ මහ බැංකුවේ නියෝගයන් අනුගමනය කරමින් සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඩිජිටල්සේවාවන් ඔස්සේ අඛණ්ඩ මූල්‍ය සේවාවක් සැපයීමට කැපවී සිටියි.
DFCC Digital බැංකු සේවා
DFCC Virtual Wallet සහ DFCC Online Banking සේවාවන් ඔස්සේ ඔබගේ නිවසේ සිට, ආරක්ෂාව තහවුරුකර ගනිමින් මූල්‍ය ගනුදෙනු සහ බිල්පත් වැනි එදනෙදා මුදල් ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා ඇති අතර, මෙම සේවාවන් සඳහා වන KYC verification අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ හැකියාවද ඇත. තවද DFCC Pay App ඔස්සේ VISA QR, LANKA QR, Just Pay ගෙවීම් කාර්යයන් සිදුකිරීමේ හැකියාව ඇති අතර, POS යන්ත්‍ර තුළින්ද ගෙවීම් කාර්යයන් සිදුකිරීමේ අවස්ථාව ලබාදී ඇති බව පවසයි.
DFCC ජංගම සේවාව
කොවිඩ්-19 වසංගතය හමුවේ DFCC බැංකුව විසින් ‘ජංගම බැංකු සේවාවක්’ දියත් කිරීමට යොමුවිය. මෙහිදී DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන් හට පමණක් නොව අනෙකුත් දේශීය බැංකු ගනුදෙනුකරුවන් සඳහාද VISA, MasterCard, AMEX සහ JCB debit cards භාවිත කිරීමෙන් රු. 150,000ක් දක්වා වූ මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථාව ස,සාදී ඇත. මෙම විශේෂ ජංගම බැංකු සේවාවන් දෙහිවල, ගල්කිස්ස, මෝදර, මොරටුව, නාවල, මාලඹේ, මත්තේගොඩ, නාරාහේන්පිට, පන්නිපිටිය, කොටහේන ආදී තෝරාගත් ප්‍රදේශ කිහිපයකදී ලබාගත හැකි අතර, ඉදිරි දිනයන්හිදී බස්නාහිර පළාත ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමටද නියමිත බව පවසයි.
ශාඛා මෙහෙයුම්
මහ බැංකුව විසින් පනවනු ලැබූ නියෝගයන්ට යටත්ව ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ තුළ තෝරාගත් ශාඛා ආයතන කිහිපයක් පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සෘජු ගනුදෙනු සඳහා විවෘතව පවතී. මෙහිදී DFCC බැංකුව විසින් එම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ පියවර රැසක් ගෙන ඇත. අපගේ ආරක්ෂක නිලධාරීන් ඇතළු සියලූම් කාර්ය මණ්ඩලය අත්වැසුම් සහ මුඛ ආවරණ භාවිත කරනු ලබන අතර, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශාඛාව තුල මෙන්ම ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර පරිශ්‍රය තුළ අත් පිරිසිදු කිරීමේ රසායනික දියර සහ අත් සේදීම සඳහා වන බේසම් සවිකර ඇත. තවද බහුල වශයෙන් ස්පර්ශයට ලක්වන ස්ථාන, සෝපාන, ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ආදිය නිරන්තරව පිරිසිදු කර සනීපාරක්ෂාව ඉතා ඉහළ අයුරින් සහතික කිරිමටද ක්‍රියාකරන බව කියයි.
කොවිඩ්-19 මූල්‍ය සහන
තවද, මහ බැංකුව විසින් සිදුකර ඇති නියෝග සහ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුව, මෙම ව්‍යසනයෙන් පීඩාවට පත් අපගේ වටිනා සේවාදායකයන් වෙත මූල්‍ය සහන ලබාදීමට අප අවශ්‍ය පියවරයන් ගෙන ඇත. අපේ‍්‍රල් මස 30 වැනි දිනට හෝ එයට පෙර ඔබගේ ඉල්ලීම සහිත ලිපියක් ඉදිරිපත් කිරීමෙන් මෙම සහන ඔබට ලබාගැනීමේ හැකියාව ඇති අතර, මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112 350 000 යන දුරකථන අංකයේ සතියේ ඕනෑම දිනක පැය 24 පුරා ක්‍රියාත්මක DFCC සබඳතා මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.