කොළඹ කොටස් වෙළෙඳපොළ ගෙවුණු සතිය තුළ ආයෝජක විශ්වාසය යළි තහවුරු කර ගනිමින් ඊයේ (09දා) දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89කින් (1.09%) වර්ධනය කර ගනිමින් ඒකක 9,704.21ක් ලෙස සටහන් විය.
එමෙන්ම, S&P ශ්රී ලංකා 20 දර්ශකයද ගනුදෙනු දිනය අවසානයේදී ඒකක 62.26ක වර්ධනයක් (2.03%) සමග ඒකක 3,131.29ක් ලෙස සටහන් විය.
එහිදී, පෙර සතියේ ගනුදෙනු අවසාන වනවිට කොටස් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,316.45ක් ලෙස සටහන් වීම හා සාපේක්ෂව මෙම සතිය තුළ දී ඒකක 387.76කින් හෙවත්, 4.16%ක වර්ධනයක් කොටස් වෙළෙඳපොළ තුළ දැකිය හැකිය.
ඊයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු.බිලියන 4.12ක් වූ අතර, මෙම සතියේ ගනුදෙනු දින 5 තුළ සමස්ත පිරිවැටුම රු.බිලියන 23.41ක් විය. එයද . ඊට රු. බිලියන 4.07ක විදේශීය මිලදී ගැනීම්ද ඇතුළත් විය.