ආයුර්වේද එක්ස්පෝ 2018 ජාත්‍යන්තර දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය අදින් (15දා) අවසන් වීමට නියමිත අතර, පසුගිය 13දා ආරම්භ වූ ප්‍රදර්ශනය මේ දක්වා ඉතා සාර්ථකව පවත්වා තිබේ.
මෙම ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයට පැමිණ තිබුණි.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා සෞඛ්‍යය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව 07 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ සහ ඊට සමගාමී සම්මන්ත්රණවල අරමුණ වී ඇත්තේ ආයුර්වේද නිෂ්පාදන ඇසුරුම්කරණය, නිෂ්පාදනවල පරිසර හිතකාමී බව සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරලීමය.
එහිදී, ප්‍රදර්ශනයට සමගාමීව පැවති සම්මන්ත්රණ ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් සිදුකර ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි.
විජය පුවත්පත් සමාගමේ පුවත්පත් හා සඟරාවල පසුගිය කලාප මිලදී ගැනීම සඳහා වෙන්වූ විශේෂ ප්‍රදර්ශන කුටියක්ද මෙවර ප්‍රදර්ශනයට එක්කර තිබේ.