මාර්ෂල් දූපත් ධජය යටතේ ඊජිප්තුවේ පෝට් සයිඩ් සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටි පපායිනිස් III තොග ප්‍රවාහන නෞකාව මුහුද මැද එන්ජිමේ දෝෂයකට ලක්ව ක්‍රියාවිරහිත වීමෙන් පසු, එම නෞකාව තාවකාලිකව සවි කර සම්පූර්ණ අලුත්වැඩියාවක් සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) ගෙන එන ලදී.
ඒ අනුව, වරායේ නතර වී දින 15ක් ඇතුළත නෞකාවේ අළුත්වැඩියාව නිම කිරීමට කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගම සමත් විය.
“ඕනෑම විශාල යාත්‍රාවක කෙටි කාලීන හෝ දිගු කාලීන අලුත්වැඩියා සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ හැකියාව HIP සතුව තිබෙනවා. එමෙන්ම අපගේ හවුල්කාර කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගම උසස් තත්ත්වයේ සේවාවන් සඳහා කීර්තියක් උසුලන, නොයෙකුත් මාදිලියේ අලුත්වැඩියාවන් හැසිරවීමට හැකි ආයතනයක්. අපගේ යටිතල පහසුකම් සහ විශේෂිත වරාය හැසිරවීමේ උපකරණ, දියත්ව අලුත්වැඩියා කටයුතු සහ දිගු කාලීන නඩත්තු කිරීම් සඳහා වරායට පැමිණෙන යාත්‍රාවන්ට විශාල රුකුලක්” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.