මහ බැංකුවේ හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (16දා) කර තිබූ ප්‍රකාශය සමග තමන් සම්පූර්ණයෙන් එකඟ වන බවත්, අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එය ඉටු නොකළ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
රටේ පැරණිතම මූල්‍ය ආයතනය වන 'ද ෆිනෑන්ස්' ආයතනය වසා දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම කරුණු හෙළි කළේය.
"විශේෂයෙන්ම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්, ඒ මහත්මයා හිටියේ මේක වහන්න ඕනෑමයි කියන මතයේ. ඒ අනුව වැහුවා. ලොකු හපන්කමක් කළා වගේ තමයි, ඒ අය මේක කියන්න හදන්නේ. මේ නිසා තැන්පත්කරුවන් 10,072කට මුදල් ලැබෙන්නේ නැහැ. මට පේන විදිහට රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට අහිමි වෙනවා. මේක සාධාරණ නැහැ. මහ බැංකුවේ ඉන්න නිලධාරීන් මේ සඳහා වගකියන්න ඕනෑ. ඇයි මෙහෙම වෙන්න දුන්නේ. පෙන්ෂන් අරගන්න 2300ක් මහ බැංකුවේ ඉන්නවා. ඒ වගේ හතර ගුණයකට මේ 'ද ෆිනෑන්ස්' එක හරහා තමන්ගේ ආදායම අහිමි වෙනවා. එය කිසිසේත්ම සාධාරණ නැහැ. ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට හැකියාව තියෙද්දීත්, මහ බැංකුව එය නොකිරීම කිසිවිටෙකත් අනුමත කිරීමට බැහැ."