2019 අයවැය මගින් යෝජනා කරන ලද රජයේ සේවකයන් සඳහා වූ රුපියල් 2,500 වැටුප් වැඩි කිරීම අද (25දා) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය කියයි.
ලක්ෂ 11කට අධික රාජ්‍ය සේවකයන් පිරිසකට මෙම රුපියල් 2,500 දීමනාවක් ලෙස අද (25) වැනිදා ලබා දුන් ජූලි මස වැටුප සමග හිමි වී ඇති බවත්, මෙම වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රජය මාසිකව වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 2,700කට අධික ය.
2015 වසරට සාපේක්ෂව ලබන වසරේ ජනවාරි මස වන විට රජයේ සේවකයන්ගේ මූලික වැටුප 107%කින් පමණ ඉහළ නැංවෙන බවත්, මෙම රුපියල් 2,500 දීමනාව ලබා දෙනු ලබන්නේ ඊට අමතරව බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම සහ විශ්‍රාම වැටුප් ඉහළ නැංවීම ඇතුළු වැටුප් ඉහළ නැංවීම් වෙනුවෙන් මේ වසර අවසන් වන විට රජයට වැය කිරීමට සිදු වන මුදල රුපියල් බිලියන 1,000 ඉක්මවනු ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.