දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අන්තර්-නියෝජිතායතන දූත පිරිසක් සමග ශ්‍රී ලංකා රජය මෙන්ම, ව්‍යාපාරික සහ සිවිල් සමාජ ප්‍රජාව හමුවීම සඳහා කොළඹට පැමිණ තිබේ.
මෙම අන්තර්-නියෝජිතායතන දූත පිරිසේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් අතරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා සහ ඉන්දු ශාන්තිකර ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇමැන්ඩා ඩොරි මහත්මියද ඇතුළත් වේ.
නූලන්ඩ් උප ලේකම්වරිය සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා 4 වැනි එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරීත්ව සංවාදයේ සම-සභාපතීත්වය දරනු ඇති අතර, ප්රජාතන්තවාදී ආයතන ශක්තිමත් කිරීම, මානව හිමිකම්, තිරසාර ආර්ථික සංවර්ධනය, දේශගුණ විපර්යාසවල හානි අඩුකිරීම, වෙළෙඳ සහ ආයෝජන සබඳතා තරකර ගැනීම, කලාපීය ආරක්ෂාව සහ අධ්‍යාපනික සහයෝගීතාව සම්බන්ධයෙන් මෙහිදී කටයුතු කරනු ඇති බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ගෝලීය වසංගතයෙන් එල්ල වූ අභියෝග සම්බන්ධයෙන් සහ එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නූලන්ඩ් උප ලේකම්වරිය, චංග් තානාපතිනිය සහ එක්සත් ජනපද දූත පිරිස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද නියමිතව තිබේ.