සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්යක්ෂ ජනරාල්වරියට අද (23දා) නියෝග කර තිබේ.
විදේශ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය වෙත මෙම නියෝගය කර ඇති බව එම අමාත්‍යාංශය කියයි.
දැනට අනාවරණ වී ඇති පරිදි මෙරට සමාගමක් මගින් නාගරික අබලි ද්‍රව්‍ය මෙලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවත්, ඕනෑම රටකට නාගරික අබලි ද්‍රව්‍ය ආනයනය කරන්නේ නම් ඊට අදාළ රටේ පරිසර අධිකාරියේ අවසරය ලබාගත යුතු බවත් එම නිවේදනයේ දැක්වෙයි. කිසියම් පාර්ශ්වයක් අදාළ නීති රෙගුලාසිවලට පටහැනිව ක්‍රියාකර ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද අමාත්‍යවරයා පවසා තිබේ.