මතුපිට උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී එහි උපරිම අගය වාර්තා කිරීමෙන් අනතුරුව, හිතකර සැපයුම් අංශයේ ප්රවණතා සහ දැඩි මුදල් ප්රතිපත්ති ක්රියාමාර්ගවල සහාය ඇතිව 2022 ඔක්තෝබර් මාසයේදී අපේක්ෂිත උද්ධමනය පහළ යෑමේ ක්රියාවලිය ආරම්භ වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මුදල් ප්රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව මෙම තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව, මහ බැංකුව පෙන්වා දෙන්නේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මෙන්ම, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය පහළ යෑමක් නිරීක්ෂණය වූ බවය.
සමස්ත ඉල්ලුම් පීඩන අඩුවීම, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වර්ධනයන්, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් පහළ යෑම සහ එවැනි මිල ගණන් අඩුවීම් කාලානුරූපීව දේශීය මිල ගණන් අඩුවීමට දායකවීම මෙන්ම, හිතකර සංඛ්යානමය පදනම් බලපෑම මගින් සහාය ලබමින් ඉදිරි කාලය තුළදී උද්ධමනය පහළ යෑම අඛණ්ඩව සිදුවනු ඇතැයිද මහ බැංකුව අපේක්ෂා කරයි.
උද්ධමන දැක්ම සඳහා වන ගෝලීය මෙන්ම, දේශීය අවදානම් නුදුරු කාලීනව පහළ යෑමේ ප්රවණතාවක් පවතින අතර, එමගින් උද්ධමනය පහළ යෑමේ ක්රියාවලියට 2023 වසර අවසානය වනවිට උද්ධමනය අපේක්ෂිත මට්ටමේ ස්ථායී වනු ඇති බව මහ බැංකුව වැඩිදුරටත් අපේක්ෂා කරයි.