ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 මාර්තු මාසයේදී 21.5%ක් ලෙස වාර්තා වූ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේදී 33.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2022 අප්‍රේල් මාසයේදී උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 21.1%ක සහ ආහාර නොවන කාණ්ඩයේ 12.7%ක දායකත්වයක් පිළිවෙළින් ලබාදී ඇත. එහෙත් 2021 අප්‍රේල් මාසයේදී 5.5%ක් වූ මතුපිට උද්ධමනයට ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය පිළිවෙළින් 4.3%ක් සහ 1.2%ක් විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 2022 මාර්තු මාසයේදී 29.5% සිට 2022 අප්‍රේල් මාසයේදී 45.1%ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 2022 මාර්තු මාසයේදී 14.5% සිට 2022 අප්‍රේල් මාසයේදී 23.9%ක් දක්වා වැඩිවී තිබේ.
ආහාර කාණ්ඩය සැලකීමේදී සහල්, කිරිපිටි, මයිසූර් පරිප්පු, සීනි, පාන්, පොල්තෙල්, කුකුල් මස්, තිරිඟු පිටි, කරවල, මිරිස් කුඩු, අලුත් මාළු, ලොකුලූණු, වියළි මිරිස්, අර්තාපල්, තුනපහ කුඩු, පලතුරු, දෙහි, බනිස් සහ මුං ඇයට යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් වාර්තා වුවත්, එළවළු සහ බිත්තරවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.