විවාදයට තුඩුදී ඇති අපද්‍රව්‍ය අඩංගු යැයි පැවසෙන බහාලුම් නැවත ගෙන්වා ගන්නැයි ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිල තමන් වෙත ලැබී නොමැති බව එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය පවසයි.
ශ්‍රී ලංකාවේ කටුනායක හා කොළඹ වරායේ පවතින බහාලුම් 241ක් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය වෙත් බීබීසීය කළ විමසීමකදී ඔවුන් මෙසේ පවසා ඇත.
එමෙන්ම, සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තම ආයතනය වැඩිදුර විමර්ශන අරඹා ඇති බවද එක්සත් ජනපදයේ පරිසර ඒජන්සිය සඳහන් කර තිබේ.
භාවිත කරනලද මෙට්ට ලෙස හඳුන්වන, ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනය කළේ යැයි පැවසෙන බහාලුම් 241න් 130ක් මේ වනවිට වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයේ රඳවා ඇති අතර, ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් පවතින බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
කෙසේ වෙතත්, අදාළ බහාලුම් තුළ ඇති මෙට්ටවලින් ඇතැම් ඒවා තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පුරවා තිබෙන බව ඒ පිළිබඳ විමර්ශනයක යෙදෙන මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබුණි.