අක්‍රීය ණය යනු නියමිත කාල සීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිදුකර නොමැති ණය බවත්, මෙය කිසිදු ලෙසකින් ණය කපා හැරීමක් නොවන බවත් මහජන බැංකුව පවසයි.
මහජන බැංකුවේ අක්‍රීය වත්කම් (ණය) කළඹ (NPP) සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ පැතිර ගිය කතාබහ සැලකිල්ලට ගනිමින් එම බැංකුව මෙසේ කරුණු පැහැදිලි කර තිබේ.
යම් ණයක් අක්‍රීය වත්කමක් ලෙස වර්ගීකරණය කෙරුනු විට පසු විපරම්, සාකච්ඡා, වෙන්දේසි කිරීම සහ නඩු පැවරීම වැනි ක්‍රියාවන්ගෙන් සමන්විත ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලියක් බැංකුව ආරම්භ කරන බවත්, වඩාත් නිරවුල් අවබෝධයක් ඇතිකර ගනු පිණිස මෙම ක්‍රියාවලිය පිළිබඳ පහත සඳහන් පැහැදිලි කිරීම සිදුකරන බවත් මහජන බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව,
1. ණය කපා හැරීමක් සිදු කරන්නේ එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගතහැකි වන සෑම මාර්ගයක්ම සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වී ඇත්නම් පමණි.
2. බැංකුවේ අක්‍රීය වත්කම් (ණය) කළඹ සමන්විත වන්නේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළදී ලබාදී ඇති විවිධ ණය පහසුකම්වලිනි.
3. පසුගිය දිනවල මාධ්‍යයන්හි කතාබහට ලක්වූ කිසිදු ණය මුදලක් කපා හැර නැත.
ඒ අනුව, මෙරට බැංකු පද්ධතිය තුළ මහජන බැංකුවේ අක්‍රීය වත්කම් ප්‍රතිශතය සාධනීය තත්ත්වයක පවතින බවත්, සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් සපයන වගකිව යුතු මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස මහජන බැංකුව, අක්‍රීය වත්කම් අයකර ගැනීම තම ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකන බවත් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පවසා සිටියි.