vivo, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තවීමත් සමග රජයේ උපදෙස් අනුව යමින්, ශ්‍රී ලංකාව තුළ පිහිටි සියලුම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ vivo පාරිභෝගිකයන්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරලනු වස් මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙමගින් පාරිභෝගිකයන් මුහුණපාන ගැටලු පිළිබඳ අවධානය යොමුකරන සමාගම, ශ්‍රී ලංකාවේ vivo ස්මාට් ජංගම දුරකතන සඳහා මෙතෙක් වලංගු වගකීම් කාලසීමාව දීර්ඝ කිරීමටද කටයුතු කර ඇත. ඒ අනුව, 2020 මාර්තු මස 16දා සිට මැයි මස 30දා දක්වා කාලසීමාව ඇතුළත වගකීම් කාලය ඉක්මවන vivo උපාංග සඳහා වගකීමේ කාලසීමාව 2020 මැයි 31දා දක්වා දීර්ඝකර තිබේ. මෙම දීර්ඝ කිරීම වලංගු වන්නේ ශ්‍රී ලංකාව තුළ මිලදීගත් vivo ජංගම දුරකතන හා උපාංග සඳහා පමණක් බවත්, සිය ජංගම දුරකතනයේ IMEI අංකය ඇතුළත් කර, vivo වෙබ්අඩවිය මගින් පාරිභෝගිකයින්හට දුරකතනයේ වගකීම් කාලසීමාව පිළිබඳ විස්තර පහසුවෙන් දැනගත හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.