කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සහ එම වෘත්තිකයන් (SMPs) අතර සේවා සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් නැවුම් න්වෝත්පාදනයක් සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පසුගියදා සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹී තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර වර්ධනය කරගැනීම සඳහා ඉවහල් වන කුඩා හා මධ්‍ය පරිමාණ වෘත්තිකයන් වෙතින් සැපයෙන සේවා වෙත ප්රවේශවීමේ අවස්ථාව සැලසෙන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වෘත්තිකයන්ට තම සේවාවන් සාධාරණ මිලකට සැපයීම තුළින් නව ව්‍යාපාරික අවස්ථා වර්ධනය කරගැනීමේ අවස්ථාවද උදාවනු ඇති බවත් පැවසෙයි.