සෙල්ෆි කලාවේ ප්රමුඛයෙකු වන OPPO සමාගම නව OPPO F5 ස්මාට්ෆෝනය නිල වශයෙන් මෙරටට හඳුන්වාදීම පසුගිය 08දා කොළඹදී සිදුවිය.
ශ්රී ලාංකේය වෙළෙඳ පොළ තුළ ලැබූ සාර්ථකත්වය සංකේතවත් කරමින් 'Selfie Expert and Leader' ලෙස නව සන්නාම පාඨයක්ද හඳුන්වාදුන් මෙම ස්මාට්ෆෝනය අද (11දා) සිට දිවයින පුරා වෙළෙඳ සැල්වලින් මිලදී ගැනීමට හැකි බව එම සමාගම පවසයි.
මේ වනවිට OPPO දුරකථන රටවල් 28ක තරුණ තරුණියන් මිලියන 200කගේ පමණ හදවත් දිනාගැනීමට සමත්ව සිටියි. ශ්රී ලංකාවේදී OPPO විසින් හඳුන්වාදෙන FHD සහ Full Screen තිරයක් සහිත ප්රථම ස්මාට්ෆෝනය මෙම F5 දුරකථනය වන අතර, සෙල්ෆි ඡායාරූප තවතවත් අලංකාර කරන පුරෝගාමී තාක්ෂණයක් වන A.I. Beauty තාක්ෂණයද මීට ඇතුළත් බව එහිදී සඳහන් විය.
රු.47,990/- කට මිල නියම කර ඇති OPPO F5 දුරකථනය නොවැම්බර් මස 11දා දිවයින පුරා අලෙවිසැල්වලින් මිලදීගත හැකි වනු ඇත. OPPO රසිකයන්ට මාදිලි කිහිපයක් අතරින් තමන් කැමති මාදිලිය තෝරාගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා F5 6GB සහ F5 Youth ලෙස තවත් මාදිලි දෙකක්ද හඳුන්වා දෙනු ලැබූ අතර, මෙම මාදිලි එලඹෙන දෙසැම්බර් මාසයේ සිට මිලදීගැනීමේ අවස්ථාව හිමිවන බවද පෙන්වා දෙනු ලැබීය.
මීට අමතරව, දැනට OPPO සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන දීපිකා පදුකෝන්ට අමතරව තවත් බොලිවුඩ් තරුවක් වන සිද්ධාර්ත් මල්හෝත්රා ද සන්නාම තානාපතිවරයෙකු ලෙස OPPO හා එක්වනු ඇති බවත් මෙහිදී සඳහන් විය.
මෙහිදී අදහස් දක්වමින් OPPO Sri Lanka හි ප්රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පවසා සිටියේ, "මෙය OPPO Sri Lanka සමාගමට ඉතාමත් සුවිශේෂී කාලසීමාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. A.I. Beauty තාක්ෂණය සහිත නව F5 ස්මාට්ෆෝනය හඳුන්වා දීමට අමතරව සමාගම නව ක්රමෝපායික දිශානතියක් කරා අලුත් ගමනක් ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. නව විශේෂාංග රැසක් සහිත මේ දුරකථනය පෙර මාදිලි මෙන්ම මෙරට තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්රිය වේවි කියා මට විශ්වාසයි" යනුවෙනි.
දීපිකා පදුකෝන් සහ සිද්ධාර්ත් මල්හෝත්රා පෙනී සිටින OPPO නව රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් හඳුන්වා දීමද සිදුවූ අතර, උත්සවයේ විශේෂී අංගයක් වුයේ පුහුණුවීම් කටයුතු නිසා මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ OPPO Sri Lanka සන්නාම තානාපති ඇන්ජලෝ මැතිව්ස් මෙම අවස්ථාවට වීඩියෝ සුබ පැතුමක් එක්කිරීමය. එමෙන්ම, උත්සවය වෙනුවෙන් විශේෂ සමරු ක්රිකට් පිත්තක් පිළිගැන්වීමද එහිදී සංකේතවත් විය.