MV Grand Race වාහන ප්රවාහන නෞකාව පසුගියදා ප්රථම වරට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත පැමිණි බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.
ජපානයේ සිට පැමිණි මෙම නෞකාව පාවිච්චි කරනලද වාහන ඒකක 282ක් දේශීය ආනයන ලෙස ගොඩබාන ලද අතර, වාහන ඒකක 205ක් ප්රතිඅපනයන සඳහා නෞකාගත කරන ලදී. එම වාහන ගල්ෆ් කලාපයේ වරායන් වෙත ගොඩබෑමට නියමිත බව කියැවෙයි.
MV Grand Race නෞකාවේ ශ්රී ලංකාවේ නියෝජිත ආයතනය ලෙස ABC ෂිපින් පෞද්ගලික සමාගම කටයුතු කරන අතර, මෙම නෞකාව මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත ප්රථම වරට සේන්දු වීම සනිටුහන් කරමින් ශ්රී ලංකා වරාය අධිකාරියේ ප්රධාන කළමනාකරු (මෙහෙයුම්) නිමල් ජයතිස්ස, MV Grand Race නෞකාවේ කපිතාන් විලී ඒ. ඩොරොලෝ යන මහත්වරුන් අතර සමහර ඵලක හුවමාරුව සිදුවිය.