Ms Le Soleal මගී නෞකාව කොළඹ වරායට පැමිණි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
මගීන් 110ක් හා කාර්ම මණ්ඩලයේ 137ක් සමග කොළඹ වරායට සේන්දු වූ මෙම සුඛෝපභෝගී නෞකාව කොළඹට පැමිණීමට පෙර ත්‍රිකුණාමලය හා හම්බන්තොට මාගම් රුහුණුපුර වරාය වෙතද පැමිණි බව කියයි.
කාමර 132කින් යුතු මෙම නෞකාවේ ගමනාන්තයන් සාමාන්‍ය මගී නෞකාවන්ගේ ගමනාන්තයන්ගෙන් වෙනස් නව ඉසව් කරා යාත්‍රා කෙරෙන බව පැවසෙයි.
Ms Le Soleal නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැමිණීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් රවී ජයවික්‍රම සහ නෞකාවේ කපිතාන් ජෙනේවාස් රොජර් යන මහත්වරු සමරු ඵලක හුවමාරු කරගත්හ.
මෙම නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන්නේ CMA CGM Lanka පෞද්ගලක ආයතනයයි.