2018 මූල්‍ය වර්ෂයේ පළමු වැනි අර්ධය තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත හම්බන්තොට LAUGFS LPG ආනයන හා අපනයන පර්යන්තයේ මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවකින් යුතු පළමු වැනි අදියරෙහි ඉදිකිරීම් කටයුතු, සැලසුම් පරිදි සාර්ථකව සිදුවෙමින් පවතින බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරය නිවේදනය කරයි.
ඇ.ඩො.මිලියන 80ක ආයෝජනයකින් ඉදිකෙරෙන මෙම LAUGFS පර්යන්තය, දකුණු ආසියාවේ තිබෙන විශාලතම LPG ආනයන හා අපනයන පර්යන්තයක් වනු ඇති බවද ඔවුහු පවසති. එමෙන්ම, ඉන්දීය සාගරයේ උපක්රමික කේන්ද්‍රස්ථානයක් වන හම්බන්තොට වරාය ආශ්රිත ප්‍රථම හා දැවැන්තම ආයෝජනය ලෙසද එය සැලකෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසා සිටියේ, "ඉන්දියාව, බංග්ලාදේශය හා මියන්මාරය ඇතුළු වේගයෙන් වර්ධනය වන LPG වෙළෙඳ පොළවල් ආශ්රිත බලශක්ති අවශ්‍යතා හඳුනා ගනිමින් කලාපය තුළ අපගේ බලශක්ති ප්‍රවේශය වඩාත් ශක්තිමත් කිරීමට මෙම නවතම LAUGFS පර්යන්තයට හැකිවනු ඇති. ඒ වගේම, ලොව විශාලතම නාවික මාර්ග රැසකටම සමීපව පිහිටීම තුළින් හම්බන්තොට වරාය උපක්රමික වාසි රැසක් සපයන බව පැවසිය යුතුයි. මෙසේ ස්ථානගත කර ඇති LAUGFS LPG ආනයන හා අපනයන පර්යන්තය කලාපයේ LPG වෙළෙඳ කටයුතුවලදී කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලාංකාව ස්ථානගත කිරීමටද උපකාරී වනු ඇති. එමගින් රටට දැවැන්ත ආර්ථික වාසි රැසක් අත්කරදීමට අපට හැකිවන බව සඳහන් කළ යුතුයි" යනුවෙනි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් ලාෆ්ස් සමූහ කළමනාකාර අධ්යක්ෂ තිලක් ද සිල්වා මහතා, "LAUGFS පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2018 තුළ සපුරාගත හැකි අයුරින් සාර්ථකව සිදුවනු දැකීම අපට සතුටක් වෙනවා. හම්බන්තොට වරාය කේන්ද්‍රකරගත් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට හැකිවීම සැබෑ ශ්‍රී ලාංකේය සමූහ ව්‍යාපාරයක් වන අපට ඉමහත් ආඩම්බරයක් බවද සඳහන් කළ යුතුයි. මේ පර්යන්තය ඔස්සේ රැකියා අවස්ථා රැසක් නිර්මාණය වනු ඇති අතර, එමගින් විදේශ විනිමය උත්පාදනය වැනි ප්රතිලාභ රැසක් ශ්‍රී ලාංකාවට අත්කර දෙනු ඇති බව අපේ හැඟීමයි" යනුවෙන් පවසා සිටියේය.
LAUGFS Gas PLC හි අනු සමාගමක් වන LAUGFS Terminals, තම හම්බන්තොට පිහිටි LPG ආනයන හා අපනයන පර්යන්තයෙහි ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් 15,000කින් වැඩි කිරීමට එහි දෙවැනි අදියර තුළින් අපේක්ෂා කරන අතර, එමගින් එහි මෙහෙයුම් හැකියාව මෙට්‍රික් ටොන් 100,000 ඉක්මවා යනු ඇති බවද අනාවරණය කරයි.