ආසියා ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වැනි සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01දා) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.
මෙම කලාපීය සමුළුව එළැඹෙන 05 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙය සංවිධානය කරනු ලබයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුන් ද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ මධ්‍ය මණ්ඩල සභාපති ආචාර්ය ඔලූමුයිවා ඛෙනාර්ඩ් අලියු මහතා, මහ ලේකම් ආචාර්ය ෆෑන්ග් ලියු මහත්මිය ඇතුළු විදෙස් නියෝජිතයින් ද සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා ඇතු`ථ සාමාජිකයින් ද මීට එක්ව සිටියහ.