ශ්‍රී ලාංකීය තරුණ කැළ ජාත්‍යන්තරව සවිබල ගන්වමු යන්න තේමා කරගත් EDEX Expo හි මෙවර ප්‍රදර්ශනය පසුගිය 17 වැනිදා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ අතර, දින 3 ක මෙහෙවරකින් අනතුරුව එය 19 දා සාර්ථකව නිමාවට පත්විය.
කොළඹ, රාජකීය විද්‍යාලයේ සංවිධාන ශක්තියෙන් වසර 10 ක් පුරා අඛණ්ඩව පැවැත්වුණු EDEX Expo මෙවර සිය11 වැනි කඩඉම පසුකරන අතර, එය මෙරට තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේදී හා ජාත්‍යන්තරව පවත්වනු ලබන අධ්‍යාපන, තෘතීයික අධ්‍යාපන මෙන්ම වෘත්තීය පාඨමාලා පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබාගත හැකි කේන්ද්‍රස්ථානයක් බව සැලකේ.
මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 300 ක් පමණ එක්කොට තිබූ අතර, ඒ හරහා අධ්‍යාපන ආයතන 250 ක පමණ තොරතුරු නරඹන්නන් වෙනුවෙන් පිළිගැන්විණ. ඒ නිසාම දහස් ගණනින් වූ නරඹන්නන් පිරිසකගේ ආකර්ෂණයට ලක්වීමට EDEX Expo 2014 සඳහා අවස්ථාව උදාවිය. මෙහි දෙවැනි අදියර එළඹෙන ජනවාරි 24 සහ 25 යන දෙදින තුළ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හීදී පැවැත්වෙනු ඇත.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු