ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ, 13 වැනි අපනයනකරුවන්ගේ සංසදය පසුගිය 05දා එම මණ්ඩලයේදී පවත්වා තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත මහත්මිය සහභාගී වී තිබේ.
අදාළ සැසිවාරයට සමගාමීව රාජ්‍ය අංශයේ ආයතන සමග අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළඳ ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහාද අවස්ථාව ලබාදුන් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය මණ්ඩලය වැඩිදුරටත් පවසයි.