ලෆාජ්හොල්සිම් මවු සමාගම හා අනුබද්ධිත ශ්රී ලාංකේය සමාගම වන හොල්සිම් ලංකා සමාගමේ අයිතිය ලබාගැනීමට තායිලන්තයේ සියාම් සිටි සිමෙන්ති පොදු සමාගම සමත් වී තිබේ.
ඒ අනුව, ඇ.ඩො.මිලියන 400කට මෙම ගනුදෙනුව සිදුකිරීම සඳහා සියාම් සිටි සමාගම සමග ගිවිසුමකට එළඹි බව ලෆාජ්හොල්සිම් සමාගම නිවේදනය කර සිටියි.
එමෙන්ම, මෙම ගනුදෙනුවේ සියලු කටයුතු 2016 තෙවැනි කාර්තුව අවසන් වීමට ප්රථමයෙන් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවද ලෆාජ්හොල්සිම් වැඩිදුරටත් නිවේදනය කර සිටියි.