සේද මාවත ඔස්සේ නව ආසියා ආර්ථික රටාවක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් පැවති චීනයේ ගැන්සු ප්‍රාන්තයේ පැවති සේද මාවත පිළිබඳ අසියා සහයෝගීතා සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි.
මෙම සමුළුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි විය.
මෙවර සමුළුවේ ප්රමුඛ අවධානය යොමු වූයේ සේද මාවත ඔස්සේ නව ආසියා ආර්ථික රටාවක් ගොඩනැගීම කෙරෙහිය. මේ සඳහා සාමජික රටවල් 33ක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සහ රාජ්‍ය නායකයන්ද සහභාගි වූහ.
යටිතල පහසුකම්, බල ශක්ති ප්‍රභවයන්, පරිසරය ආරක්ෂා කිරීම, වෙළෙඳ සහ සංස්කෘතික සංචාරක සහයෝගිතාවයන් ගොඩනැගිම යනාදී මාතෘකා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබේ. මෙම සමාජික රටවල් 33 අතරට චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවද අයත්වේ.
මැයි 27 සිට මැයි 29 දක්වා ගැන්සු ප්‍රන්තයේ ලැන්සු නුවර පැවති සමුළුව අවසන් වී අමාත්‍යවරයා හෙට (01දා) දිවයිනට පැමිණීමට නියමිතය.