ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල සිනි පරිභෝජනය වසරකට ක්‍රි.ගෑම් 31 ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවේ වර්ෂික සීනි පරිභෝජනය ටොන් 6,50,000 කට ආසන්න බවත් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
දැනට දේශිය සීනි නීෂ්පාදනය සැලකිමේ දි වාර්ෂික අවශ්‍යතාවයෙන් 4% ක් 2011 වසර තුළදී නිෂ්පාදනය කරනු ලැබු අතර, පසුගිය දෙවසර තුළදී 10% ක් දක්වා දෙගුණයකින් වැඩි කිරිමට හැකි වූ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගම මාස 04 කට වරක් එළිදක්වන ස්වීට් සක්සස් සඟරාවේ මංගල පිටපත සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගමේ සභාපති කිර්ති කොටගම මහතා විසින් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා වෙත සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේදී පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.
ඉදිරි වසර 07 තුළ සීනි කර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරිමේ අරමුණ සාක්ෂාත් කරලීමේ අභිලාශය මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් කරනු ඇති බව මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.