ශ්රී ලංකාව තුළ දක්නට ඇති සංවර්ධන ප්රගතිය ආකර්ශනීය බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති ෆිලිප් ලී හවුක්රූ මහතා පවසා සිටියේය.
උප සභාපතිවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (26දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.
ශ්රී ලංකාවේ සංවර්ධන ක්රියාදාමය මෙන්ම, ලෝක බැංකුව සහ ශ්රී ලංකාව අතර වත්මන් හා අනාගත සහයෝගීතාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා පැවැත්වූහ.
දිවයිනට පැමිණීමෙන් පසු තමා උතුරු, නැගෙනහිර සහ තවත් ප්රදේශ කිහිපයක චාරිකා කළ බවත්, නිලධාරීන් හා ජනතාව සමග විවෘත කතාබහක නිරත වූ බවත්, සඳහන් කළ ලෝක බැංකු උප සභාපතිවරයා රට තුළ දක්නට ලැබෙන සංවර්ධන ප්රගතිය ආකර්ශනීය බවද පවසා සිටියේය.