ශ්රී ලංකාවට ලබාදෙන එක්සත් ජනපද සංවර්ධන ආධාර ඉහළ යන බවට ඉඟි කරමින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ දූත මණ්ඩල අධ්යක්ෂ ලෙස පත්ව සිටින ආචාර්ය ඇන්ඩ්රෑ සිසෝන් දිවුර්ම් දීම සිදුව තිබේ.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී තානාපති අතුල් කෙෂාප් ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුව ඇති අතර, ඔහුගේ බිරිඳ වන කැරන් ලෙවින් හා USAID දූත මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
2015-2016 මුදල් වර්ෂය සඳහා දළ වශයෙන් ශ්රී ලංකා රු.බිලියන 8.7ක (ඇ.ඩො.මිලියන 60ක) සංවර්ධන ආධාර එක්සත් ජනපද රජය විසින් ශ්රී ලංකාවට ලබාදෙන අතර, ආචාර්ය සිසොන් දූත මණ්ඩල ප්රධානියා ලෙස පත්වන්නේ මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට USAID කර්ය මණ්ඩලයද වැඩි කරන අවස්ථාවේ බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.