ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පවතින වරාය හා නාවික ක්ෂේත්රයේ සම්බන්ධතාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් බංග්ලාදේශයේදී විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වීය.
ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම වරාය හා නාවික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන්, ශ්‍රී ලංකා නාවික හමුදාපති/ලංකා නැව් සංස්ථාවේ සභාපති ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ප්රමුඛ පිරිසක් බංග්ලාදේශයේ සංචාරයක නිරත වූහ.
එහිදී බංග්ලාදේශ ජනරජයේ නාවික අමාත්‍ය සහජාන් ඛාන් මහතා හමුවූ අතර, එහිදී පැවැති සුහද සාකච්ඡාව සඳහා එරට නාවික අමාත්‍යාංශයේ ලේකම් සයිඩ් මොන්ජුරුල් ඉස්ලාම්, චිතගොන් වරාය සභාපති මෙදුන්ග්ලා, වරාය සභාපති හා අනෙකුත් නිලධාරීහු සහභාගී වූහ.
එහිදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වරාය, නාවික නව සොයා ගැනීම් හා උපදේශන යන ක්ෂේත්රයන්හි නව ප්රවණතාවන් ඔස්සේ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර නාවික ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉහළ පෙළේ දූත පිරිසක් මුණගැසුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, බංග්ලාදේශ නාවික අමාත්‍යාංශය විසින් විශේෂ සමුළුවක්ද සංවිධානය කොට තිබුණි.