ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස්, සිය ශ්‍රී ලාංකේය සාමාජිකයන් සහ ලොව වටා සිටින ජාත්‍යන්තර සාමාජිකයන් සඳහා වැඩි දියුණු කළ සේවා රැසක් සැපයීම වෙනුවෙන් එහි නවතම ෆ්ලයිස්මයිල්ස් සේවා මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කර තිබේ.
මෙම නව මධ්‍යස්ථානය නො. 30, ශ්‍රී උත්තරානන්ද මාවත, කොළඹ 03 (කොල්ලුපිටිය) යන ලිපිනයෙහි ස්ථාපිත කර ඇත. සඳුදා සිට සිකුරාදා දිනයන්හි පෙ.ව.08.30 - ප.ව.05.00 දක්වා විවෘතව පවතින මෙම මධ්‍යස්ථානය, මහජන සහ වෙළෙඳ නිවාඩු දිනයන් හිද විවෘතව පවතින බව ඔවුහු පවසති.
සියලු පාරිභෝගිකයන්ට පැය 24 පුරා දුරකථන අංක 0197 333333 හරහා නව ෆ්ලයිස්මයිල්ස් සේවා මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැක. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීම් පර්යන්තයේ පැය 24 පුරා ෆ්ලයිස්මයිල්ස් මෙහෙයුම් කාර්යාලයක්ද ස්ථාපිත කර ඇති අතර, මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමග කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ෆ්ලයිස්මයිල්ස් අංශයේ මෙහෙයුම් අත්හිටවනු ලැබෙන බවද ඔවුහු පවසති.
ෆ්ලයිස්මයිල්ස් වෙතින් හඳුන්වාදී ඇති නවීන පන්නයේ ජංගම දුරකථන යෙදුම ඇතුළු එහි වෙබ් අඩවිය වන www.srilankan.com/flysmiles හරහා නිරන්තර පියාසර සාමාජිකයන්ට පහසු සේවා රැසක්, එනම් ගුවන් ප්‍රවේශපත් සඳහා සැතපුම් මුදාහැරීම (redeeming of tickets), ගුවන් සමාගමේ සුවිශේෂී දීමනා ඇතුළු ෆ්ලයිස්මයිල්ස් පාර්ශ්ව සේවා යනාදී සේවා ලබාදෙන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.