වෘත්තීය අනතුරු හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ මරණයට පත්වූ සේවක සේවිකාවන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ උත්සවයක් කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20දා පෙරවරුවේ කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් කමලිනී ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් හේරත් යාපා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නාලක කළුවැව ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ඩී.ආර්. ජයලත් යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.