රුපියල් ලක්ෂ 55ක වියදමින් ඉදිකරන ලද පන්නල විදාතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම පසුගියදා සිදුකෙරිණි.
ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණ ආධාර ලබාදීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද විදාතා මධ්‍යස්ථානය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට විශාල සේවයක් සිදු වන බව මෙම අවස්ථාවට එක්වූ ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා සිටියේය.
ග්‍රාමීය සංවර්ධනය සඳහා තාක්ෂණ ආධාර සැපයීමේ විවිධ ආයතන එක්වහළක් යටට ගෙන ඒම විදාතා මධ්‍යස්ථාන ආරම්භ කිරීමෙන් සිදුවූ බවත් ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට විශාල සේවයක් සිදුවී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ වර්ෂය සඳහා පන්නල විදාතා මධ්‍යස්ථානය තුළ ව්‍යවසායකත්ව පුහුණුව ලබාගැනීමට ග්‍රාමීය කර්මාන්තකරුවන් 350 දෙනෙකු පමණ ලියාපදිංචි වී ඇත.
මේ වනවිට කණ්ඩායම් වශයෙන් ඒ ඒ කර්මාන්ත සඳහා පුහුණු සැසි පවත්වා තිබෙන අතර, කර්මාන්ත ආරම්භ කිරීම, අමුද්‍රව්‍ය සපයා ගැනීම, මුල්‍ය පහසුකම් සැපයීම, තාක්ෂණික පුහුණුවක් ලබාදීම මෙන්ම කෝප්සිටි වැනි රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් නිෂ්පාදන අලෙවි පහසුකම්ද පන්නල විදාතා මධ්‍යස්ථානයෙන් සපයනු ඇති බව පැවසෙයි.