ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වැනි ආසියා ශාන්තිකර කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයා හා මහලේකම්වරයා අද (31දා) අලුයම දිවයිනට පැමිණියහ.
මෙම සම්මේලනයට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයා හා මහලේකම්වරයා මෙන්ම කලාපීය අධ්යක්ෂවරයා ද සහභාගි වන අතර, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයෙක් හා මහ ලේකම්වරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම සංවිධානයේ 71වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට වීමද විශේෂත්වයකි.
MH 0179 දරණ ගුවන් යානයෙන් ඔවුන් අද අලුයම මෙසේ දිවයිනට පැමිණි තිබුණු අතර, සමුළුව 2016 අගෝස්තු 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.