අප්‍රේල් මාසයේදී පැවැත්වෙන නුවරඑළිය වසන්ත සැණකෙළියට සියල්ල සූදානම් බවත්, එය අප්‍රේල් 01 සිට 27 දක්වා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
නුවරඑළිය සීතාඑළියේ නව පාරිසරික කෘෂි උද්‍යානය, ග්‍රෙගරි වැව උද්‍යානය, වික්ටෝරියා උද්‍යානය, තුරඟ තරග පිටිය හා ගෝල්ෆ් ක්‍රීඩා පිටිය ආශ්‍රිතව විනෝදජනක ක්‍රීඩා රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වසන්ත සැණකෙළිය පැවැත්වෙන කාලයේ දී ආරක්ෂක අංශවල සාමාජිකයන් 800කින් යුත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද පෙන්වා දෙයි.