සීමාසහිත ලංකා සීනි (පෞද්.) සමාගම 2016 පළමු වැනි කාර්තුවේදී රු.මිලියන 321 ක ලාභයක් ලබා ඇති බව එම සමාගමේ සභාපති නවීන් අදිකාරම මහතා පවසයි.
ඌව වෙල්ලස්ස ජනතාවගේ ප්‍රාණය බඳු සීමාසහිත ලංකා සීනි (පෞද්.) සමාගමේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපති නවීන් අදිකාරම මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
"ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේත් මගපෙන්වීම සහ යහපාලන රජයේ දර්ශනයට අනුව කටයුතු කිරීමෙන් සීමාසහිත ලංකා සීනි (පෞද්.) සමාගම ඉහත කී ආදායම ලබා තිබෙනවා.
2015 වසරේදී මේ සමාගම රු.මිලියන 1,000 ක්ද, 2014 වසරේදී රු.මිලියන 211 ක්ද පාඩු ලැබුවා. මෙලෙස පාඩු ලැබූ සමාගම 2016 වසරේ මුල් මාස තුනේදී රු.මිලියන 321 ක් වැනි ඉහළ ලාභයක් ලබාගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ, අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ සීනි අලෙවිය සඳහා සහ මධ්‍යසාර අලෙවිය සඳහා විනිවිද භාවයකින් යුතුව ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරනලද ටෙන්ඩර් පටිපාටියයි. ඒ සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා දුන් මග පෙන්වීම අගය කළ යුතුයි." යනුවෙනි.
තවද සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පැල්වත්ත හා සෙවණගල ආයතනයන් සේවකයන් හා ගොවීන් වෙනුවෙන් දිරිදීමනා ලබාදුන් බවද සභාපති නවීන් අදිකාරම මහතා වැඩිදුරටත් පවසා සිටියි.